නුඹ ගිහින් ඈතකට...


නෙත් කෙවෙනි බොඳ කරන් 
බිම වැටෙන කඳුලු කැට 
ලේ නහර අළු කරන් 
හිත දවන ගින්දරට 
එක්වෙලා ආදරෙන් 
ජීවිතය යදින විට 
මතක මං අහුරාන
නුඹ ගිහින් ඈතකට... 
සඳත් නෑ අහස් කුස 
අමාවක නිසාවට 
තනි රකින තරු කොහිද 
මුවා වී මේඝයට 
ඉකි බිඳින සුසුම් හා 
අඳුර ලොව වෙලාගෙන 
සෙනෙහෙ සිත මියැදිලා 
නුඹ ගිහින් ඈතකට... 
අවසන් සුසුම් පොද 
මා අතැර ගිය දාක 
කඳුලු බිඳු නොනැගුනත් 
ඔය නෙතට කිසිදාක 
මොහොතකට හෝ ඇවිත් 
තනි සොහොන් කොත ලගට 
ඉකිගසන හැඩුම් මැද 
මුහුව යන වාතලට 
සමුදෙන්න කිසිදාක 
අවැසි නොවු මේ සිතට...

කොලොම්පුර තනිකම...


මහවැලියෙ රල බිඳෙන විට ඉවුර සනහාන
හන්තාන කඳු මුදුන සිඹින සුදු මුදු සුලග
නුඹ සුවඳ තුරුලු කර කොලොම්පුර හමන කල
මතක මැද වෙරල දිග පියනගමි හැමදාම... 
කොලොම්පුර අහස් කුස නෙක රටා මැව්වාට
සසල වුන නිල් සයුර නිසල සිත බින්දාම
තනිකමයි පාලුවයි දෙනෙත් අස සඟවාන
නුඹ නැතිව වෙරල කොන රහසින්ම හඬමි මම...

Never leave you...


Though my eyes are full of tears;
Never give you a single drop of tear...
Though my heart is full of sighs;
Never give you a single pain of a sigh...
Though my mind is full of pains;
Never hurt you from a single word...
Though we are far away from each other;
Never leave you as a friend for ever...

බලා හිඳිමි මං...


සිදී නොයන සමුදුර ලෙස
අනන්ත පැතුමන් පොදි බැඳ
නුඹේ සුවඳ යලි විදින්න
ඇඟිලි ගනිමි මං....
හිතේ දුක රැගෙන දෙනෙතට
කඳුලු බිදක් හා මුහුකොට
කොපුල් තල මතට කැදවා
සමුදෙන්නෙමි මං...
සෙනෙහසේ සුවඳ මතකය
මුවට සුසුම් ගෙන එන විට
අනේ නුඹ නැතිව මා ලඟ 
අසරණ වෙමි මං...
ළබැඳි හද මඩල සමගින්
ලඟින් ඉඳ හිනා නංවන
හීනයක් වගේ දවසක් 
පතා හිඳිමි මං...
නුඹ එනතුරු ඇස් අයාන
බලා හිඳිමි මං...

නුඹ අකුරු කල පිටුව...


මුලු රෑම අවදියෙන්
කියවුවත් මගේ සිත
සිත් පොතේ අකුරු කල
අපැහැදිලි වචන පෙල...
නෙතු පියන් කඩාගෙන
කඳුලු දෙකොපුල් සිඹින
නොතේරෙන සිත් පොතේ
බොඳව ගිය වචන පෙල...
රිද්දවයි...කෑගසයි...
වල්මත්ව... අසරණව...
මතක මැද ඉකිබිඳින
නුඹ අකුරු කල පිටුව...


නුඹ මා තනිකර...


පරක් නොමැති මහ සාගරයක් මැද
නුඹ මා තනිකර බෝ දුර ගිය සද
ගවු සිය දහසක් ගෙවාන එන්නට
බෑ යලි ඔබ වෙත රුවල් අහිමි මට...
ජීවිත සුලියේ මා හසුවී අද
ඔරුකද පමනකි හබල් බිදී ඇත
නුඹ මා අතහැර වෙලර ඉමේ බව
සිත පිලිගයි දැයි නොදනිමි  නුඹ හැර ....


ඉඳින්....



"මමත් බයයි උඹ වගේම
පිලිසරණක් නැති මේ නපුරු ලෝකයට
ආදරේ කරපන් ඒ වුනත් හැමෝටම
පිලිසරණක් වෙන්න පිලිසරණක් නැතිවුන්ට
ඒත්.....
පරිස්සමෙන්.....
උන් හදයි නැගිටින්න 
උඹවත් පාගගෙන කවදහරි දවසක
සුදු අදින හැම කෙනාම
මුනිවත රකින් නෑ හැබෑවටම.....
පුංචිකම ලස්සනයි උඹේ හිතට
මම දන්නෙ එච්චරයි උඹ ගැන
මම තරන් උඹ ගැන දන්න
තව කවුරුත් එන්නවද උඹට?
බයවෙන්න එපා...
දාල යන්නෙ නෑ කවදාවත්ම
මම ඉන්නව උඹත් එක්ක
කවුරු නැතිවුනත් උඹව බලාගන්න
ඉඳින්...."
හිතට කතාකරපු හැමදවසකම
හිත කෑගැහුව්වෙ එහෙමයි මට...


ඉරුණු පිටුවක්...



අතීතයෙ එක් ඉරුණු පිටුවක
කඳුලු අතරින් මිරිඟුවක් ලෙස
දිවිය ගෙනහැර නුඹේ අකුරින් 
ලියා දුන් වග මතකයි...
නියං කල වැසි නැතිව ලතැවුන
පිපසිත වූ මහා කතරට
මේඝයක් වී ජීවිතය ගෙන
දිනක ආ වග මතකයි...
දිය බිඳක් දෙනු විනා කතරට
අඳුර පමණක් වෙලා ඉද හිට
කතර අතහැර බොහොම දුරකට
හෙමින් ඇදුනා මතකයි...
දැවෙන කතරේ ගිනි නිවන්නට
දිය බිඳක් නොම ලද නියාවට
කඳුලු බිඳු නෙතු පියන් බිදගෙන
වාං දැම්මා මතකයි...
කඳුලු සිඳුනා සත්තයි...



පුංචි එවුන් කාලේ වගේ...


පුංචි එවුන් කාලේ වගේ
අත් පටලන් ඇවිද යන්න
කඳුලු දෑස් අග රදවා
ආදරයෙන් හිනාවෙන්න
සුසුම් සුලං වල දවටා
දුර ඈතට විසිකරන්න
එන්න යාලු අහස පුරා
සැහැල්ලුවෙන් පියාඹන්න...
ක්ෂිතිජ ඉමේ වලාකුලක
ඉර නිදියන හැන්දෑවක
සඳ නැතිදා අමාවකට
තරු පායන ගංදෑලට
පුංචි එවුන් කාලේ අපේ
පුංචි මතක සිහිකරන්න
එන්න යාලු ඉවුර දිගේ
අත්පටලන් ඇවිද යන්න...

අතැගිලි මට අතහැරුනා...



බොඳ ඇස් වල මිදුනු කඳුලු 
අතීතයේ හැන්දෑවක
සිහින බිඳුනු ආකසේ
හීන් හඬින් ඉකි ගැසුවා...
ඈත දුරක යන්න හිතන් 
නුඹ සමුගත් ඒ මොහොතේ
අතහරින්න දුක හිතුනට
අතැගිලි මට අතහැරුනා...
හුගක් ආදරේ කල සිත
නුඹ නැතිදා තනිවෙනකොට
මතක මං පෙතේ දඟකල
අපෙ පිය සටහන් මැකුනා...
දුර ඉද හිත රිද්දනකොට
නෙත් දෙක කඳුලැලි හංගා
නුඹෙ සිනහව කල සරදම් 
සුලගේ පා කර හැරියා...
මතක ගොන්න අහුරාගෙන
හිත තනියම මොරදෙනකොට
අකුරු කෙරූ පාඩම් පොත් 
කඳුලු වලින් බොඳ කෙරුනා...
ඒ කඳුලැලි පිසලන්නට
නුඹ නො එනා බව දැනුනම
සමාවෙන්න රන් තරුවේ
කඳුලැලි ඔබෙ රුව මැකුවා...
සමාවෙන්න රන් තරුවේ
මා සිත සෙනෙහස බිඳුනා...