පුංචි එවුන් කාලේ වගේ...


පුංචි එවුන් කාලේ වගේ
අත් පටලන් ඇවිද යන්න
කඳුලු දෑස් අග රදවා
ආදරයෙන් හිනාවෙන්න
සුසුම් සුලං වල දවටා
දුර ඈතට විසිකරන්න
එන්න යාලු අහස පුරා
සැහැල්ලුවෙන් පියාඹන්න...
ක්ෂිතිජ ඉමේ වලාකුලක
ඉර නිදියන හැන්දෑවක
සඳ නැතිදා අමාවකට
තරු පායන ගංදෑලට
පුංචි එවුන් කාලේ අපේ
පුංචි මතක සිහිකරන්න
එන්න යාලු ඉවුර දිගේ
අත්පටලන් ඇවිද යන්න...

අතැගිලි මට අතහැරුනා...



බොඳ ඇස් වල මිදුනු කඳුලු 
අතීතයේ හැන්දෑවක
සිහින බිඳුනු ආකසේ
හීන් හඬින් ඉකි ගැසුවා...
ඈත දුරක යන්න හිතන් 
නුඹ සමුගත් ඒ මොහොතේ
අතහරින්න දුක හිතුනට
අතැගිලි මට අතහැරුනා...
හුගක් ආදරේ කල සිත
නුඹ නැතිදා තනිවෙනකොට
මතක මං පෙතේ දඟකල
අපෙ පිය සටහන් මැකුනා...
දුර ඉද හිත රිද්දනකොට
නෙත් දෙක කඳුලැලි හංගා
නුඹෙ සිනහව කල සරදම් 
සුලගේ පා කර හැරියා...
මතක ගොන්න අහුරාගෙන
හිත තනියම මොරදෙනකොට
අකුරු කෙරූ පාඩම් පොත් 
කඳුලු වලින් බොඳ කෙරුනා...
ඒ කඳුලැලි පිසලන්නට
නුඹ නො එනා බව දැනුනම
සමාවෙන්න රන් තරුවේ
කඳුලැලි ඔබෙ රුව මැකුවා...
සමාවෙන්න රන් තරුවේ
මා සිත සෙනෙහස බිඳුනා...