බලා හිඳිමි මං...


සිදී නොයන සමුදුර ලෙස
අනන්ත පැතුමන් පොදි බැඳ
නුඹේ සුවඳ යලි විදින්න
ඇඟිලි ගනිමි මං....
හිතේ දුක රැගෙන දෙනෙතට
කඳුලු බිදක් හා මුහුකොට
කොපුල් තල මතට කැදවා
සමුදෙන්නෙමි මං...
සෙනෙහසේ සුවඳ මතකය
මුවට සුසුම් ගෙන එන විට
අනේ නුඹ නැතිව මා ලඟ 
අසරණ වෙමි මං...
ළබැඳි හද මඩල සමගින්
ලඟින් ඉඳ හිනා නංවන
හීනයක් වගේ දවසක් 
පතා හිඳිමි මං...
නුඹ එනතුරු ඇස් අයාන
බලා හිඳිමි මං...

නුඹ අකුරු කල පිටුව...


මුලු රෑම අවදියෙන්
කියවුවත් මගේ සිත
සිත් පොතේ අකුරු කල
අපැහැදිලි වචන පෙල...
නෙතු පියන් කඩාගෙන
කඳුලු දෙකොපුල් සිඹින
නොතේරෙන සිත් පොතේ
බොඳව ගිය වචන පෙල...
රිද්දවයි...කෑගසයි...
වල්මත්ව... අසරණව...
මතක මැද ඉකිබිඳින
නුඹ අකුරු කල පිටුව...