කඳුලු...




විඩාබර නෙතු අගින් කඳුලු මල් පීදුනේ...
කොපුල් සිඹ සනහාන දෙතොල් මත මියැදුනේ...
නුඹේ වත සොයන්නට මගේ හද වෙහෙසුනේ...
හදේ කොන සොහොන් කල සෙනෙහසයි සිහිවුනේ...

ඔබ...




ගගක් වනු ඇයි ගලා යන ඔබ
දෑල සන්සිදවූ
සයුර වනු මැන නිසල නොවුනත්
වෙරල මත රැදුනූ
හැඟුම් බොහොමයි කවි කරන්නට
මතක මැද බොදවූ
වදන් සොයමින් පිය නගන්නට හිතට
නැත වාරූ
මිතුරු දමකින් සොයුරු පෙමකින්
මගේ සිත සැනසූ
නුබෙන් ලද සෙනෙහසේ අරුමය
බොඳ කරයි කදුලූ...