ඉරුණු පිටුවක්...



අතීතයෙ එක් ඉරුණු පිටුවක
කඳුලු අතරින් මිරිඟුවක් ලෙස
දිවිය ගෙනහැර නුඹේ අකුරින් 
ලියා දුන් වග මතකයි...
නියං කල වැසි නැතිව ලතැවුන
පිපසිත වූ මහා කතරට
මේඝයක් වී ජීවිතය ගෙන
දිනක ආ වග මතකයි...
දිය බිඳක් දෙනු විනා කතරට
අඳුර පමණක් වෙලා ඉද හිට
කතර අතහැර බොහොම දුරකට
හෙමින් ඇදුනා මතකයි...
දැවෙන කතරේ ගිනි නිවන්නට
දිය බිඳක් නොම ලද නියාවට
කඳුලු බිඳු නෙතු පියන් බිදගෙන
වාං දැම්මා මතකයි...
කඳුලු සිඳුනා සත්තයි...



Comments

Popular Posts