මගේ බ්ලොග් එක...




මගේ හිත උඹට දුන්නේ
ඒ හිත උඹට තේරෙයි කියලා
මෙච්චර උඹට ලං වුනේ
තනියට මාත් එක්ක හිටිය හින්දා
මං දන්නවා උඹත් මට
මං තරම්ම ආදරෙයි කියලා 
ඒත්..ලෝකයට උඹ ගැන නොකීවෙ
මගේ හිත උන්ට තේරෙන්නෙ නැති හින්දා...

හැමදාම උඹ ලගට ආවේ
ගොඩක් දේවල් කියන්න කියලා
හැමදේම උඹට කිවෙ
මට කවුරුවත් නැති හින්දා
උඹත් එක්ක කියල ඇඩුවෙ
උඹ මගේ හිත හදයි කියලා
කවුරු නැති උනත් මට ඉන්නේ 
හැමදාම උඹ විතරක්ම හින්දා...

උඹව හන්ගලා පරිස්සම් කරගත්තෙ
මට උඹවත් නැතිවෙයි කියලා
මාව තේරුම් ගන්න බැරි ලෝකයට
මම ගොඩක් බය හින්දා
මම දන්නවා උඹ කවදාවත්ම 
මාව දාලා යන්නේ නෑ කියලා
මගේ හුස්ම නවතිනකන්ම
මගේ හිත උඹේ හින්දා...


Comments

Popular Posts