නුඹ ගිහින් ඈතකට...


නෙත් කෙවෙනි බොඳ කරන් 
බිම වැටෙන කඳුලු කැට 
ලේ නහර අළු කරන් 
හිත දවන ගින්දරට 
එක්වෙලා ආදරෙන් 
ජීවිතය යදින විට 
මතක මං අහුරාන
නුඹ ගිහින් ඈතකට... 
සඳත් නෑ අහස් කුස 
අමාවක නිසාවට 
තනි රකින තරු කොහිද 
මුවා වී මේඝයට 
ඉකි බිඳින සුසුම් හා 
අඳුර ලොව වෙලාගෙන 
සෙනෙහෙ සිත මියැදිලා 
නුඹ ගිහින් ඈතකට... 
අවසන් සුසුම් පොද 
මා අතැර ගිය දාක 
කඳුලු බිඳු නොනැගුනත් 
ඔය නෙතට කිසිදාක 
මොහොතකට හෝ ඇවිත් 
තනි සොහොන් කොත ලගට 
ඉකිගසන හැඩුම් මැද 
මුහුව යන වාතලට 
සමුදෙන්න කිසිදාක 
අවැසි නොවු මේ සිතට...

No comments:

Post a Comment