අසම්මත ආදරය...



හදේ ගැඹුරුම තැනක සැගවුනු
කඳුලු බිඳු එකිනෙක අරන්
දෙතොල් මත නෙක රටා මැවුනා
කොපුල් රූරා වැගිරෙමින්...
ලොවේ සහසක් නේක ගැරහුම්
විද දරා නුඹ හා පෙමින්
මෙතෙක් ආ දුර මතක මං දිග
නුඹේ සුරතේ දැවටෙමින්...
කොතෙක් නම් තව දුරක් යන්නද
තවත් නම් අපි මේ ලෙසින්
නුඹේ සෙනෙහස හා බැදෙන්නට
වරම් නොදෙනා ජීවිතෙන්...

Comments

Popular Posts