අදුරු හදවිල සොදුරු කල නුඹ
මැවූ සිත්තම් සෙනෙහසේ
බොද වෙලා එක සිහිනයක් ලෙස
කදුලු මැද හද ආදරේ...
සසල නිල්දිය නිසල කල නුඹ
නෙලූ කැටයම් නෙත් විලේ
අහිමි වී අද ඉකිබිදින සඳ
තනිවෙලා සිත පාලුවේ...
පැතුම් අහසක සුසුම් සයුරක
ඉරිතැලී ගිය මතකයේ
නුඹේ සෙනෙහස සිත දරාගෙන
අතරමං වී ජීවිතේ...
Comments
Post a Comment