තෑග්ග..




ලෝකයම උඹට දොස් කියනකොට
උඹේ ඇස්වලින් ගලපු කඳුලු විශ්වාස කලාට
"රූකඩයක් උඹ" තව එකෙක් මොර දෙනකොට
උන්ගෙන් පාච්චල් වෙලා උඹව රැකගන්න හැදුවට
උඹ දීපු තෑග්ග තමයි මේ අද මට...
උඹේ ආදරේ අදුරු හෙවනැල්ල
උඹේම වචන වල හයිය අරගෙන
මගේ පපුවට පිහියෙන් අනිනකොට
තවත් ජීවත් වෙන්න කියනවද උඹ
උඹට ආදරේ කරල හෙම්බත් වෙච්ච්
උඹම මරල දාපු මේ හිතට...

Comments

Popular Posts