"නුඹ" කියන මතකය...


හිත කීරි ගස්සපු, මා බොලඳ කවටයෙක් කෙරූ
නෙතු කඳුලු පිසු එකම එක මතකයක්
...නුඹේ සෙනෙහසේ සොඳුරු මතකය

හිත පුපුරු ගස්සපු, ගිනි ලා පුලුස්සපු
අළු වෙලා මියැදුනු හඬන තව මතකයක්
...නුඹ මා හැර ගියපු මතකය

මතක ගොන්නක තනිවුනු, සතුට දුක නොදැනුනු
රාත්‍රියක අතරමං වුනු අවසාන මතකයක්
..."නුඹ" කියන මතකය
ලෝකයට හොර රහස රැකගත්තු මතකයක්
..."නුඹ" කියන මතකය

Comments

Popular Posts