වෙනසක් සොයා...


ජීවිතය එක තැනක නැවතී 
සුසුම් ලයි වෙනසක් සොයා
නමුදු වටහා ගන්න බෑ මට 
අවැසි මොන වෙනසද කියා..
කඳුලු නෙතු අග නතර වී අද
ඉකිගසයි සෙනෙහස සොයා
නමුදු වටහා දෙන්න බෑ මට
අවැසි නුඹෙ සෙනෙහස කියා..
කියන්නට බැරි හිතට හිමි නැති
සෙනෙහසේ මිරිඟුව සොයා
අතරමං වූ ජීවිතය අද
විඩාපත් වී මියදිලා..

Comments

Popular Posts