සොඳුරු සඳ...




තරු පොකුරු මැද සඳක් සොයලා
බොහෝ දුර ගොස් වෙහෙස වූයෙමි
තරු පිරිවරා දිලුනු අහසක
නොසිතු ලෙස මා සඳක් දුටුවෙමි...
වෙහෙස හින්දා සඳ ලගින් හිඳ
මොහොතකට මම ගිමන් හැරියෙමි
ඒත් ඒ සඳ ලගින් ඉන්නට 
තරු අතර මට නොහැකි වූයෙමි...
නුඹයි මා දුටු ඒ සොඳුරු සඳ
අසරණයි මා දුරින් ඉන්නෙමි
මට මගේවත් අයිතියක් නැති
ලොවක් අභියස නතර වූයෙමි...


Comments

Popular Posts