දිග නින්දක්...



මරු එවයි හසුන්පත් හැමදාම
ලෝකයට නොදැනී රහසේම
"මට නුඹ ඕනෑ වූ විට
මම එන්නම් නුඹ ලගට, ඉතින් ඉවසපන්..."

ඉක්බිති මරු ඒවි එක් දිනක
මහා යතුරකුත් අරගෙන
කියයි ලගටම ඇවිදින් නුඹට
"මම ආවෙ නුඹ එක්කන් යන්න
දැන් ඉතින් අපි ගමනේ යමු..."

මරු මහා බාහු ඇති
මහා හෙදි මවක් වැනි
ඈ කියයි මේ ලෙසින්
"රිද්දන්නෙ නෑ  නුඹව...මේ නුඹේ හෝරාවයි
දරුව නුඹට ඕනෑ, දිග නින්දක්...

Comments

Popular Posts